අමෙරිකාවෙන් යළි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පාර්ලිමේන්තුව යළි ලබන 14වැනිදා කැදවීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති මොහොතක අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යළිත් වරක් විශේෂ ඉල්ලීමක් සිදු කර ඇත.

එනම් පවතින දේශපාලන අර්බූදය විසදීම සදහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නුට්(Heather Nauert) විසින් සිය නිළ ට්විටර් ගිණුම හරහා ඊයේ (08) මෙම ඉල්ලීම සිදුකර තිබුණි.

පාර්ලිමේන්තුව කඩිනමින් කැදවීම තුළින් රටේ ස්ථාවරභාවය, ජාත්‍යන්තර පිළිගැනීම සහ යහපාලනය සම්බන්ධයෙන් වන පිළිගැනිම යළි ස්ථාපිත වනු ඇතැයි ඇය සිය පණිවිඩය මගින් පෙන්වා දී තිබේ.

මේ පිළිබදව අදහස් දක්වන විද්වතුන් පවසන්නේ මෙය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත් පාර්ලිමේන්තුව කල් තැබිමේ නිතිමය බලයක් ජනාධිපතිවරයාට ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *