ලංගම බස් ගාස්තුත් අද සිට පහළට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් සේවාවල ගාස්තු ද සියයට 02 කින් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාවට නැංවෙනු ඇත.

ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින් අඩු වීමත් සමඟ පුද්ගලික බස්රථ ගාස්තු ද අද මධ්‍යම රාත්‍රියේ සිට 2% කින් පහත හෙලන බව බස් සංගම් ඊයේ (07) දැනුම්දෙනු ලැබීය.

ඒ අනුව රුපියල් 12 අවම ගාස්තුව, රුපියල් 15, 20 සහ 34 යන ගාස්තු අවස්ථා වෙනස් වීමක් සිදුනොවන අතර රුපියල් 25 හේ සිට අනෙකුත් ගාස්තු අවස්ථා රුපියලේ සිට වෙනස් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *