අමෙරිකා ජනපති යළි උතුරු කොරියා නායකයා හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ යළිත් සාකච්ඡාවක් පවත්වන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කරයි.

ලබන වසර මුලදී ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට සැළසුම් කර ඇත. උතුරු කොරියාවේ ආයුධ අත්හදා බැලීම් ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු වනු ඇතැයි සදහන් කෙරේ.

පසුගිය දිනවල දෙපාර්ශවය අතර මතභේද උත්සන්න විය. උතුරු කොරියාවට පනවා ඇති අමෙරිකා සම්බාධක ලිහිල් නොකිරිම ඊට හේතුව විය.

සම්පූර්ණයෙන් න්‍යෂ්ටික වැඩසටහන් අත්හරින තුරු සම්බාධක ඉවත් නොකරන බව අමෙරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ගැටළු විසදා ගැනීමට සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *