නව අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් ඊයේ(07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

චමල් රාජපක්ෂ මහතා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

එස්.බී. දිසානායක මහතා, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, 03 – පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්විය.

ඒ අනුව නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 19 දෙනෙක් රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙක් මේ වනවිට දිවුරුම් දී ඇති අතර, ඒ අනුව සමස්ත අමාත්‍යධුර සංඛ්‍යාව 37 ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *