නව ජනමාධ්‍ය ලේකම් වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත් ආචාර්ය චරිත හේරත් මහතා අද (08) පෙරවරුවේ සිය ධූරයේ වැඩ බාර ගනු ලැබුවේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන්, මාධ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ද වන චරිත හේරත් මහතා මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *