අනිද්දා සිට වැසි අඩුවන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවත් ,ඒ හේතුවෙන් දැනට උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්වයේ අඩු වීමක් නොවැම්බර් මස 11 දින සිට බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (09) නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකියි. උතුරු සහ උතුරු මැද පළාත්වල ශීත කාලගුණ තත්වයක් අපේක්ෂා කළ හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද හටගනු ඇති. දිවයිනට නිරත දෙසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය සහ අහස වළාකුළින් බර ස්වභාවය තවදුරටත් අපේක්ෂා කෙරේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති. එම අවස්ථාවේ දී සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යාමට හැකියාව පවතී.

එමෙන්ම, එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *