කැලිෆෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමෙන් 12ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන්ඩ් ඕක් හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ශාලාව තුළ පුද්ගලයින් 200 දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 28 හැවිරිදි ඉයෑන් ඩේවිඩ් නම් පුද්ගලයෙකි. මොහු යම් මානසික රෝගයකින් පෙළෙන බව එරට පොලිසිය සදහන් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

මෙම සිද්ධියට ශෝකය ප්‍රකාශ කරමින් ධවල මන්දිරයේ ධජය ද අඩකුඹු කෙරුණි. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම් දී ඇත්තේ සියලුම රජයේ සහ පොදු ගොඩනැගිලිවල ධජයන් නොවැම්බර් දස වනදා හිරු බැස යනතුරු අඩකුඹු කර තබන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *