කෝටියක නෝට්ටු සමඟ ව්‍යාපාරිකයා රේගු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – විදෙස් මුදල් තොගයක් නීතිවිරෝධිව දිවයිනෙන් බැහැරට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අද (09) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි මීගමුව ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

සැකකරු රුපියල් එක් කෝටි නව ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුත් විදෙස් මුදල් තොගයක් මෙලෙස රැගෙන යාමට තැත් කළ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

ඔහු අද දින අලුයම 3.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යන සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 469 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

සැකකරුගේ ගමන් මල්ලේ තිබී යුරෝ පනස් දහසක්, අමෙරිකානු ඩොලර් පන්දහසක් සහ සිංගප්පූරු ඩොලර් 149 ක් සොයා ගෙන ඇත.

සැකකරුට රුපියල් ලක්‍ෂයක දඩ මුදලක් නියම කිරීමෙන් පසු අදාළ විදෙස් මුදල් තොගය රාජසන්තක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *