කෂෝගි ඝාතනයට සම්බන්ධ හඩපට මුදා හැරේ

(කොළඹ, ලංකාපුවත්) – ඝාතනයට ලක්වු සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සම්බන්ධ හඩපට විදෙස් රටවල් කිහිපයකට මුදා හැරීමට තුර්කිය කටයුතු කර ඇත.

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්වු සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සම්බන්ධ බවට හදුනා ගෙන ඇති හඩපට මෙසේ මුදා හැර තිබේ.

ඒවා සෞදි අරාබිය, අමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයට යැවිමට කටයුතු කළ බව තුර්කි ජනපති රිසෙප් තයිප් එර් දෝගන් පවසයි. එම හඩපට හරහා ඝාතනය සිදු කළේ කුමන පාර්ශවයක්ද යන්න හදුනා ගැනිමට හැකිවනු ඇත.

කෂෝගි සෘජුවම සෞදි රජුවන සල්මාන් කුමරුගේ ක්‍රියාවන් දැඩි ලෙස විවේචනය කරමින් තීරු ලිපි රචනා කළ මාධ්‍යවේදියෙක් වේ. ඒ හේතුවෙන් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියට සෘජුවම චෝදනා එල්ල වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 4 =