ගැසට් නිවේදනය අනුව කටයුතු කරනවා – මැතිවරණ කොමසාරිස්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තමන් සියළු කටයුතු සූදානම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කරයි.

කිසිසේත්ම තමන් මැතිවණය සම්බන්ධයෙන් අධිකරණයට නොයන බවත් එය තමනට අයත් කාර්යක්ද නොවන බවත් ඔහු සදහන් කර ඇත.

නමුත් කිසිවෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තම කොමිසමට නිකුත් කරන නියෝගයක් අනුව කටයුතු කිරීමටද තමන් බැදී සිටින වද ඔහු කියා තිබේ.

මැතිවරණය කැදවීම නීති විරෝධී යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් දිගින් දිගටම පවසද්දී සභාපතිවරයා පවසා ඇත්තේ අධිකරණයට ගොස් එය නිරවුල් කර ගන්නා ලෙසයි.

පසුගියදා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේ කාර්යාලයේදී දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පල කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *