ජනපති දළදා සමිඳුන් වැඳ පුදා ගනී

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ(10) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ ය.

එහිදී ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමා පිළිගත් අතර, අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *