පාර්ලිමේන්තුව කල් තැබීමට එරෙහි පෙත්සම 27වනදාට කල්යයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු සැසිවාර කල් තැබීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත් හිටුවන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් මස 27වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියම කළේය.

එම පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා , ප්‍රසන්න ජයවර්ධන , ප්‍රියන්ත ජයවර්ධන හමුවේ කැදවූ අතර එහිදී මෙදිනට කල් තබන ලදී.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ගොනු කර තිබුණි.

මෙම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

එම පෙත්සම ගොනු කරුණු ලැබුවේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසිනි. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් රට තුළ නොසන්සුන් තත්ත්වය ඇති වී ඇති බවත් ඒ තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරු පවසා සිටියි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ නීතිපතිවරයා නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 7 =