ජර්මන් කතගේ සිරුර බලන්ගොඩ රෝහලට

(කොළඹ, ලංකාපුවත්) – සෙල්ෆි ඡායාරූපයක් ගනිද්දී අඩි හාරදහසක බෑවුමක් සහිත ලෝකාන්තයෙන් පහළ වැටුණු 35 හැවිරිදි ජර්මන් ජාතික හෙදියගේ සිරුර අද (13) බලන්ගොඩ මූලික රෝහලට ගෙනා බව සමනලවැව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් තිබුණේ ජූරියා එල්ගා නැමැති ජර්මන් ජාතික අවිවාහක වෘත්තියෙන් හෙදියක වූ තරුණයකි.

ඇය සිය හෙද මිතුරියක වූ රෙවන් හිත් නැමැත්තිය සමඟ නුවරඑළියේ සිට හෝර්ටන්තැන්න සහ ලෝකාන්තය නැරඹීමට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට පත්විය.

අනතුර වාර්තාවූ වහාම ඇය බේරාගැනීමට යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගත්ත ද ඒ වනවිට ඇය මියගොස් තිබිණි.

ඇගේ සිරුර ගෙන ඒමට නුවරඑළිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී මේජර් අසිත රණවීර මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමත් හෝර්ටන්තැන්න වනජීවී කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු සමඟ පහළට බැස තිබේ.

සිරුර බළන්ගොඩ මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්‍ෂණය පැවැත්විමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 7 =