මහ ඡන්දයට සූදානම් – පැරැණි ක්‍රමයට මැතිවරණය

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන්නේ පැරැණි ක්‍රමයට අනුව බවත්, ඕනෑම වේලාවක ඡන්දය පැවැත්වීමට තමා සූදානමින් සිටි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

කේවල සහ අනුපාත ක්‍රමය මිශ්‍ර වූ නව මැතිවරණ ක්‍රමවේදය පාර්ලිමේන්තුවේ සම්මත වී නොමැති බැවින් පැරැණි ක්‍රමයට අනුව මෙවර මැතිවරණය පැවැත්වෙනු ඇති බවත් හෙතෙම පැවසීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මැතිවරණ කොමිසම මහ මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටින බවත් දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණයක් පැවැත්වීම සඳහා කාලය ප්‍රමාණවත්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙසින් දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ පසුගිය වතාවේ මැතිවරණයට ලැබුණේ දින 51ක කාලයක් පමණක් වුවත් මෙවර දින 53ක් ලැබී ඇති බවය. 2017 ඡන්දදායක ලයිස්තුවට අනුව මෙවර ලයිස්තුව සැකසෙන බවද ඒමහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *