කෘතීම කාච බද්ධ කිරී‍මේ ශල්‍යකර්ම චීන වෛද්‍යවරුන්ගෙන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ රෝගීන් සිය දෙනකුගේ ඇසේ සුද ඉවත් කර කෘතීම කාච බද්ධ කීරීමේ ශල්‍යකර්ම 100ක් නාරාහේන්පිට ලංකා හොස්පිටල් (2018.11.8 හා 9) සිදුකෙරුණි.

ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සංවිධායකත්වයෙන්, චීනයේ සුප්‍රසිද්ධ අක්ෂි රෝහලක් වන චෙන්ඩු හි AIDI රෝහල , සිචුවාන් චීන ජාත්‍යන්තර සිංහ සමාජය හා ලංකා හොස්පිටල් ආයතනය හා ශ්‍රී ලංකා අක්ෂි බැංකුව එක්ව මෙම සමාජ සත්කාරය සිදු කරනු ලබයි.

AIDI අක්ෂි රෝහලේ ප්‍රධාන අක්ෂි විශේෂඥ ශල්‍ය වෛද්‍ය යාඕ ෂියාඕමින් හා එහි උප අධ්‍යක්ෂක විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලියන් හාඕ,වෛද්‍ය චී වෙයි ඇතුළු චීන වෛද්‍ය කණ්ඩායමක් හා ලංකා හොස්පිටල් හී ශ්‍රී ලාංකික වෛද්‍යවරු මෙම ශල්‍යකර්ම සිදුකළහ. මේ සඳහා චීන යුවාන් ලක්ෂ 2 හෙවත් රුපියල් මිලියන 5ක් පමණ මෙම ශල්‍යකර්ම සඳහා චීන සිංහ සමාජය විසින් පරිත්‍යාග කර තිබේ.

රෝගීන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ.මෙම අවස්ථාවට ජාත්‍යන්තර චීන වෛද්‍ය මධ්‍යස්ථානයේ මහලේකම් මහාචාර්ය ලායි පින්ග්සුම් (Lai Pingsum),ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ වැඩ බලන සභාපති දුනිල් හෙයියන්තුඩුව, ශ්‍රී ලංකා අක්ෂි බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු ජනත් මාතර ආරච්චි යන මහත්වරුන් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *