නව අගමැතිවරයෙක් ගැසට් කරන තුරු වත්මන් අග්‍රාමාත්‍යවරයා ධුරයේ

(කොළඹ, ලංකාපුවත්) – කථානායකවරයාගෙන් ලිපිය ලැබුනු පසු ජනාධිපති ව්‍යවස්ථාවට අනුව කටයුතු කරණු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (14) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි සඳහන් කළේය.

අගමැතිවරයෙකු පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරන තුරු වත්මන් අග්‍රාමාත්‍යවරයා ධුරය දරනු ඇතැයි අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

නීතියට පටහැනි කිසිවක් ජනාධිපතිවරයා සිදු නොකරන බව ද මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − one =