පක්ෂ නායක රැස්විම ඇරඹෙයි – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) –කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වන විට ආරම්භ වී ඇත.

මේ අතර පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වන අතර පොලීසිය සහ කැරලි මර්දන ඒකකය විසින් පාර්ලිමේන්තුව අවට මෙසේ ආරක්ෂාව යොදවා ඇතැයි වාර්තා වේ.

එසේම නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය සඳහන් කළේ අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන බවට මන්ත්‍රීවරුන් සියලු දෙනාට කථානායක කරූ ජයසූරිය මහතා දැනුම් දුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *