පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල්තබයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව හෙට(15) පෙරවරු 10 දක්වා කල්තැබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (14) පාර්ලිමේන්තුව රැස්විය.

එහිදී යෝජනා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්දිරන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

කෙසේ නමුත් අනතුරුව පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් හෙට (15) පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල්තැබීමට කථානායකවරයා තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *