කථානායකගෙන් ජනපතිට පිළිතුරු ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(14) රාත්‍රී යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් කථානායක කරු ජයසූරිය මහතා අද(15) දිනයේ ලිපියක් යොමු කර ඇත.

පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය සහ දේශපාලන වටපිටාව පිළිබඳව එම ලිපියේ සඳහන් කර තිබේ.

ආර්ථිකය, ජන ජීවිතය, සංචාරකයින්ගේ පැමිණීම සහ අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව ලබා තිබු කිර්තිනාමයද මේ හේතුවෙන් දැඩි හානියකට ලක්ව ඇති බව කථානායකවරයා සිය ලිපියේ සදහන් කර ඇත.

තමන්ට කතානායකවරයා වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම මතක් කරදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මෙහිදී තමන් ස්තුතිවන්ත බන බවත් මන්ත්‍රිවරුන් 122 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම පක්ෂග්‍රාහීවීමක් නොවන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදිව බහුතරයට කන්දීමක් බවයි මෙහිදී කරු ජයසුරිය මහතා ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *