(කොළඹ, ලංකාපුවත්) – සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ සම්බන්ධයක් නැති බවද එම සිදුවීමට සම්බන්ධ නිලධාරීන් 05 දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ යැයි ද එරට නීතිපතිවරයා විසින් ඊයේ (15) දිනයේදී ප්‍රකාශ කර ඇත.
ජමාල් කෂෝගි ඝාතනයට එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ යැයි ද නීතිපතිවරයා සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සෞදි අරාබියේ නීතිපතිවරයා තුර්කියට පැමිණි අතර ඔහු පසුගිය කාලයේදී තුර්කි බලධාරීන් හා එක්වෙමින් පරීක්ෂණ පවත්වා ඇත.
සෞදි අරාබියේ බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ජෙනරල් අහ්මෙද් අල් ඇසිරි ජමාල් කශොග්ජි ඝාතනයට අණ දී ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.