‘ගජ‘ චණ්ඩ වෙයි – උතුරේ පාසල්වලට නිවාඩු

(කොළඹ, ලංකාපුවත්) – ‘ගජ’ සුළි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලු පාසල්වලට අද (16) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පවසයි.

නිරිත දිග බෙංගාලබොක්කේ පවතින “ගජ චණ්ඩ” සුළි කුණාටුව මේවනවිට තමිල්නාඩු සහ පුඩුචෙරි වෙරළ තීරයට ගමන් කර තිබේ.

සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුර සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

යාපනය අර්ධද්වීපය හරහා විටින් විට පැයට කිලෝ මීටර් 100ක් දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු වේ.

මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන වෙරලාසන්න පහත් බිම් ප්‍රදේශවල මුහුදු රළගොඩබිමට පැමිණිමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =