තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කන්සවේටිව් පක්ෂය සූදානම්ව ඇත.

ඇය නියෝජනය කරන කන්සවේටිව් පක්ෂයේ බ්‍රේක්සිට් ක්‍රියාවලියට පක්ෂපාතී මන්ත්‍රීවරුන් 50දෙනෙක් පමණ ඒ සඳහා අවශ්‍ය ලිපි යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ ප්‍රධාන නිලතල හෙබවූ කිහිපදෙනෙකු ඉවත්වීමත් සමග මෙම තත්ත්වය උද්ගතවී තිබේ.

ඒ අනුව මේ වනවිටත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියට අදාළව ලේකම් ධූරය දැරූ ඩොමිනික් රාබ් සහ බ්‍රිතාන්‍ය කම්කරු හා විශ්‍රාම වැටුප් අමාත්‍ය එස්දර් මැක්වී ඇතුළු අමාත්‍යවරුන් 04 දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස්වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *