පාර්ලිමේන්තුවට අදත් විශේෂ ආරක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අද(16) දිනයේ දීත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඔහු කියා සිටියේ කිසියම් කළහකාරී තත්වයක් ඇතිවීම වැළැක්වීමේ අදහසින් මෙම පියවර ගන්නා බවය.

ඊයේ සහ පෙරේදා දිනවල ද පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි.

පාර්ලිමේන්තුව අද දහවල් 01.30ට රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − five =