ප‍්‍රදේශ කිහිපයක පැය 15ක් ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) –ප‍්‍රදේශ කිහිපයක පැය 15 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය අත්හිටුවීම නිසා මෙම පියවර ගැනීමට සිදුව තිබේ.

වාද්දුව, පොතුපිටිය, කලුතර, නාගොඩ, පයාගල, බේරුවල, දර්ගා නගරය, අලුත්ගම සහ බෙන්තොට ප‍්‍රදේශ වලට මෙලෙස අද(16) උදෑසන 08.30ට ජල සැපයුම අත්හිටුවා ඇත.

අද රාතී‍්‍ර 11.30 ට ජල සැපයුම යථා තත්යට පත්කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *