(කොළඹ, ලංකාපුවත්) – මිනුවන්ගොඩ නගරයේ දී ට්රැමඩෝල් හෙවත් ඇපල් වර්ගයේ මත්පෙති 4008ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
මිනුවන්ගොඩ පොලිසිය විසින් ඊයේ(16) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණි.
මෙම මත්පෙතිවල වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධික වන බව සදහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22, 37 සහ 48 වයස්සීමාවල පසුවන අතර ඔවුන් රාගම හා කොටුගොඩ ප්රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද(17) මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.