මිකී මවුස් ට වසර 90යි

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා කාගේත් ආදරයට පාත්‍ර වූ වොල්ට් ඩිස්නිගේ සුවිශේෂ නිර්මාණය වන ‘මිකී මවුස්‘ චරිතයට හෙටට(18) වසර 90ක් සපිරේ.

මිකී මවුස් චරිතය කෙටි කාටුන් නිර්මාණයක් ලෙස ලොවට ඉදිරිපත් වන්නේ 1928 වසරේ දී ය.

තම චිත්‍රාගාරයට ඉතා පීඩාකාරී වූ කුඩා මීයෙකු, වෝල්ට් ඩිස්නි ට මිකී මවුස් චරිතය සදහා අනූභූති වී තිබේ. එදා සිට අද දක්වාම ලොව ප්‍රමුඛ වෙළෙඳ නාමයක් ලෙස ද මිකී මවුස් ඉදිරියෙන් සිටී.

එසේම මෙම සන්නාමය ඩොලර් බිලියන ගණනින් මුදල් උපයා තිබීම ද විශේෂත්වයකි.

එසේම එදා මෙදා තුර බිහිවූ විශිෂ්ඨතම කාටුන් නිර්මාණය ලෙස ද සැලකෙන්නේ මිකී මවුස් චරිත යයි.

මිකී මවුස් චරිතයේ 90වැනි සැමරුම වෙනුවෙන් විවිධ රූපවාහිනී වැඩසටහන් සහ ප්‍රදර්ශන ද සංවිධාන කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *