අගමැති වෙඩි නොවදින වාහන ගැන පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට වෙඩි නොවදින වාහන දෙකක් ඇණවුම් කර ඇති බවට සිදු කරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් අලුත් වාහන ඇණවුම් කර නොමැති බව එම නිවේදනයේ සදහන් වේ.

විවිධ මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ එවැනි අසත්‍ය ප්‍රචාර පළ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *