පාර්ලිමේන්තුව පස්වරු 01ට රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –සිව් වන දිනටත් යළි පාර්ලිමේන්තුව අද(19) රැස්වීමට නියමිතය.

ඒ අනුව අද පස්වරු 1.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වන බව කථානායක කාර්යාලය නිවේදනය කළේය.

සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය 14 වනදා පළමු වරට පාර්ලිමේන්තුව රැස් වූ අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත 15 වන දිනට පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.

පසුව 15 වන දින රැස් වූ පාර්ලිමේන්තුවේ කටයුතු යළිත් 16 වන දිනට කල් තැබුණු අතර එදින ද පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරීම හේතුවෙන් එය අද දිනය දක්වා කල්තැබීමට පියවර ගනු ලැබීය.

මේ අතර පක්ෂ නායක රැස්වීමක් අද දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *