බිළිඳු මළ සිරුරක් මල්වානෙන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් අසළ කුණු ගොඩක වැලියට සඟවා තිබූ මාස 06ක් පමණ වයස ඇති බවට පෙනෙන බිළිඳු මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

ඊයේ(18) රාත්‍රී 07.30ට පමණ මෙම සිරුර හමුව ඇත.

මෙම මළ සිරුර හිමි පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

බියගම පොලිසිය සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ෂණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *