මැතිසබය යළි 23වනදා

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුව ලබන සිකුරාදා (23) පෙරවරු 10.30 තෙක් දක්වා කල් තැබීමට තීරණය කරයි.

ඒ බව අද පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් සභාවට දැනුම් දුනි.

සභාව කල්තැබීමෙන් පසු දෙපාර්ශවය අතර යම් උණුසුම් තත්වයක් ඇතිවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඅැල්ල මහතා එහිදී ඉල්ලා සිටියේ, පසුගියදා සිද්ධීන්වල දී පාර්ලිමේන්තු දේපලවලට වූ හානිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ඒ අනූව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් මගින් ඒ සම්බන්ධව සොයා බැලිය යුතු බවයි. එහි බහුතරය ආණ්ඩු පක්ෂයට ලැබිය යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *