ඇරිමැක් ඩිජිටල් දැන්වීම් සහ ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකරමින් ‘WynkAR’ හදුන්වාදෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඇරිමැක් ඩිජිටල් ආයතනය විසින් දැන්වීම් සහ ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවන්ත පෙරළියක් ඇති කරමින් ඕෆ්ලයින් සහ ඔන්ලයින් දැන්වීම්කරණය අතර සීමාවන් ඉවත් කරන ස්මාර්ට් ෆෝන් සදහා මෙරට පවත්නා එකම ඔග්මෙන්ටඩ් රියලටි ප්ලැට්ෆෝමය වන ‘WynkAR’ හදුන්වාදෙන ලදි.

මෙම ප්ලැට්ෆෝමය භාවිතකරන්නන්ට ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන් කැමරාවන් හරහා සැබෑ ලොව ද්‍රව්‍යයන් ඩිජිටල් ග්‍රැෆික් සහ වදන් සමග විස්තරාත්මකව දැක ගැනීමේ හැකියාව ලැබේ.

මෙම ප්ලැට්ෆෝමය ඇන්රොයිඩ්ස ISO (ඇපල්) ස්මාර්ට්ෆෝන් සදහා භාවිත කළ හැකි අතර ව්‍යාපාර ආයතනයන්ට ඔවුන්ගේ අලෙවිකරණ සහ දැන්වීම්කරණ උපායමාර්ගයන්හී විශාල පරිවර්තනයක් සිදුකිරීමේ හැකියාව මෙමගින් ලැබේ.

‘WynkAR’ ව්‍යාපාර ආයතනයන්ට ඒවායේ සාම්ප්‍රදායික දැන්වීම් කරණ ක්‍රමවලින් බැහැරව මනාව ඉලක්කකරගත් අලෙවිකරණ වැඩසටහන් හරහා හොද අත්දැකීමක් පිරිනැමීමේ අවස්ථාව උදාකරදේ.

දැන්වීම් රචකයන්ට ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ගේ විවිධත්වය හා ගැලපෙන අන්තර්ගතයන් පිරිනමමින් ඔවුන්සමග වඩාත් සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙනයාමේ හැකියාව ද ‘WynkAR’ පිරිනමයි.

Mordor Intelligenceu.ska 2017 පළ කළ වාර්ථාවකට අනුව ලොව ඔග්මෙන්ටඩ් රියැලිටි වෙළෙදපොලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.85 ක් බව දක්වා ඇති අතර 2023 වර්ෂයේ දී 51% වාර්ෂික වර්ධනයක් වාර්ථා කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 70 ක් වන බව ඇස්තමේන්තු කර ඇත. දැනටමත් පවතින ශ්‍රී ලංකාවේ භාවිතය දෙස බැලූවිට මෙම කාලය මෙරට ඔග්මෙන්ටඩ් රියැලිටි වෙළදපොළ ව්‍යාප්ත කිරීමට හොදම කාලය බව ඇරිමැක් ආයතනය විශ්වාසකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + twelve =