තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් අද නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් අද(21) නම් කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය හා ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව එම නාමලේඛනය අද (21) දිනයේම පාර්ලිමේන්තු මහලේකම්වරයාට යොමු කරනු ඇත.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 7 දෙනකු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කිරීමට නියමිත බව ද ඇමැතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *