බාසිලෝනාවේ දුම්රිය අනතුරක් – 44කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දුම්රිය පීලි පැනීමකින් එක් පුද්ගලයෙකු මියගොස්, තවත් 44 දෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රදේශයේ පවතින අධික වර්ෂා පතනය හේතුවෙන් සිදුවූ නාය යෑමකින් පස් කඳු දුම්රිය මාර්ගයට කඩා වැටීම අනතුරට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අදාළ දුම්රියේ මැදිරි 2ක් මෙලෙස පීලි පැන තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුළ මගීන් 131 දෙනෙකු ගමන් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය දින කිහිපය පුරාම ස්පාඤ්ඤයේ උතුරු ප්‍රදේශයේ අධික වැසි හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇතිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − twelve =