අස්වනු පුරෝකථනයකට කෘෂි ඇමතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් වහාව සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

අප රටේ වගා කෙරෙන පලතුරු එළවළු මෙන්ම ධාන්‍ය වර්ග වලින් වාර්ෂිකව ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය පිළිබඳව නිවරදිව පුරෝකථනය කළ හැකි තොරතුරු පද්ධතියක් මෙතෙක් ස්ථාපිත කර නොමැත.

මේ නිසා එක් එක් ප්‍රදේශවල ගොවීන්ගෙන් ඉදිරි දිනවල වෙළඳපලට පැමිණිය හැකි බෝග අස්වනු පිළිබඳව නිවරදිව තොරතුරු ප්‍රකාශ නොවන හෙයින් , බොහෝ විට ගොවීන්ට තම අස්වනු අලෙවි කිරීමේදී මෙන්ම, පාරිභෝගිකයින්හට ඒවා මිලදී ගැනීමේදී ද අතරමැදියන්ගෙන් සූරාකෑමට ලක්වීමට සිදුවේ.

ඒ අනුව මෙම තතත්වය වළක්වාලීම සඳහා අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් -Crop forcast information system ( Crop Look ) සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවටඋපදෙස් දී ඇත.

දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් බෝග පුරෝකථන සැළැස්මක් ක්‍රියාත්මක කර තිබේ.එහෙත් එහි අඩුපාඩු සහිත නිසා නිවැරදි සැළැස්මක් සැකසිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ගොවීන් විසින් වගාකරන එළවළු, පළතුරු හා ධාන්‍ය වල ලබාගතහැකි අස්වනු ප්‍රමාණය හා අස්වනු ලබා ගත හැකි කාලය හඳුනාගැනීම මඟින් එම බෝග ආනයනය වළක්වාලීමට පියවර ගත හැකිය.එමෙන්ම එමඟින් දේශීය ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉවක් බවක් නැතිව ඇතැම් බෝග වර්ග ආනයනය කිරීමට ඉඩදීම නිසා දේශීය ගොවීන්හට තම අස්වනු අළෙවි කරගැනීමට නොහැකි වන අතරම , ඔවුන් වගාවෙන් ඉවත්වීමටද එය බලපායි.වර්තමානයේ අල හා ලූනු ගොවීනට සිදුව ඇත්තේ එවැන්නක් බවද කී අමාත්‍යවරයා ඉතා ඉක්මනින් අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් සකස් කරන්නැයිද උපදෙස් දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *