සා.පෙළ ප්‍රවේශපත්‍ර තැපැල් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍රවල යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනු ලැබේ.

පසුගිය සිකුරාදා දින සියලු අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමුකළ බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් වෙත ලබා දී ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපියනයන් වෙත තැපැල් කර ඇත.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා සිසුන් 656,641 දෙනෙකු අයදුම් කර තිබේ.

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 03වනදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 12 වනදා දක්වා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *