ඇමති විමල්, ජනාධිපතිගෙන් කළ ඉල්ලීම

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව පිටකරන ලෙස නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

මීට අමතරව අළුත්ගම ධර්ගා නගරයේ සහ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා දෙකක් පත්කරන ලෙසට අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරන ලදි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

“ඌව වෙල්ලස්ස සටනට වසර 200 සපිරෙන මොහොතේදී පැරණි අධිරාජ්‍යවාදී කල්ලි මෙරට ඉරණම තීරණය කිරීමට සුදානමින් සිටිනවා. එදා යුද්ධය තිබෙන විටද මෙරට දෙපැත්තකට බෙදුනා. ජාතික වාදී බලවේග එක කොටසක්ද, විජාතික බටහිර ගැති කූලී බලවේග එක කොටසක් ලෙසට බෙදී ගියා. එදා බටහිර ගැති කූලී බලවේග යුද්ධය ඉදිරියට යෑම වළක්වන්නට උත්සාහ කළා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ණය ලබා දුන්නොත් අපේ ආණ්ඩුවක් පැමිණි පසු එය නොගෙවන බව කිව්වා. යුද්ධය යන වේලාවේ ආර්ථිකය බිද වැටිලා ආරක්ෂක මළ කඳන් තොග පිටින් කොළඹට එනකන් තොප්පිගල කැළයක් කිව්ව දේශපාලනඥයින් බලාගෙන හිටියා. ජනතා විමුක්ති පෙරමුණේ රතු අලි පැටව් එදා යුද්ධය තීරණාත්මකව ඉදිරියට යන විට සමස්ථ මහා වැඩවර්ජන ආරම්භ කළා. එදා වසර 200 කට බූටෑව රටේ රාළලා, කොහු කුඹුරේ රාළලා, වීර මොණරවිල, කැප්පැටිපොළ සටන් කළා සේ අදත් නූතන අරගලය දියත් කරන්නට මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් ප්‍රමුඛ මේ දෑ හිතකාමී බලවේග සටනේ අප සිටිනවා.

මේ ආරම්භ කර ඇති දෑ හිතකාමී ගමන සවිමත් කරමු. රනිල් අනුර සුමන්තිරන් පරගැති හවුලට එරෙහි සටන ජාතිය නැවත නිදහස් කරනු ලබන සටන, ආර්ථිකය ස්වාධීන කරන සටන්ත, ඒකීය භාවයට පන පොවන සටන, නීති ගරුක රටක් හදන සටන නායකත්වය ලබා දිය හැක්කේ මෛත්රීකපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ මහතා ප්රකධාන මේ ජාතික වාදී කඳවුරට පමණයි” යනුවෙන්ද අමාත්‍යවරයා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *