බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට යුරෝපා නායකයින් එකඟයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ එකඟතාව තුළින් තම රටට වඩා යහපත් අනාගතයක් උදාවන බව, බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ පවසයි.

ඒ සඳහා ජනතාවගේ සහය ද අපේක්ෂා කරන බව ඇය කියා සිටියාය. මෙම එකඟතාව, මහා බ්‍රිතාන්‍යයට පුනරුදයක් ඇති කරන්නක් බව, නිවේදනයක් නිකුත් කරමින් තෙරේසා මේ කියා සිටී.

බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දළ කෙටුම්පතට යුරෝපා නායකයින්ගේ අනුමැතිය හිමිව ඇති බවයි, යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටක්ස් කියා සිටියේ. ඒ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති සාකච්ජාවකින් අනතුරුවය. ඒ අනූව, බ්‍රිතාන්‍ය ලබන වසරේ මාර්තු 29 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 14 =