මාතර සිසුවාට පිහියෙන් ඇන්න සැකකරුවන් සෙවීමට පොලිස් කණ්ඩායම් 05ක්

(කොළඹ, ලංකාපුවත්) – මාතර, ඇල්වේල්ල පාර ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකුට පසුගිය 24 වැනිදා උසස් පෙළ සිසුවෙකුව තවත් සිසුන් පිරිසක් විසින් පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබේ.

අපරාධය සඳහා යොදාගත් මෙම යතුරුපැදිය මාතර වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් බවෙ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

සැකකරුවන් අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 05ක් විවිධ ප්‍රදේශවල මෙහෙයුම් සදහා පිටත් කර හැර තිබේ.

මාතර පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =