විශේෂ සාකච්ඡාවකට ජනපති පොලිසියේ ප්‍රධානීන් කැදවයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු පොලිසියේ ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට අද (26) කැඳවා ඇත.

මෙහිදී රට තුල නීතිය හා සාමය නිසියාකාරව සිදුකරගෙන යෑම පිළිබදව සාකච්ජා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

අද දහවල් 12.00ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − seven =