සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා දේශන හෙටින් පසු තහනම්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2018 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට(27) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන්වන 2018.12.12 දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්‍ෂකයන් සදහා උපකාරක පන්ති සංවිධාන කිරීම තහනම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කරයි.

එසේම අදාළ පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාගය සදහා අනුමාන ප්‍රශ්න ඇතුපත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් ය.

මෙවැනි විභාග නීති කඩ කිරීමක් සිදු කලහොත් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාලාවට දැනුම් දෙන ලෙස ද විභාග දෙපාර්තිමේන්තුව ඉල්ලා සිටී.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව –
0112 78 42 08, 0112 78 45 37, 0113 18 83 50 හෝ 0113 14 03 14

Leave a Reply

Your email address will not be published. Required fields are marked *