හිටපු අගවිනිසුරුගේ ස්වාමිපුරුෂයාට පස්වසරක සිර දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාහට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර 05ක අත්හිටවූ සිර දඬුවම් අද (26) නියම කළේය.

ඒ නොවටිනා මිළකට සීමාසහිත ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් ජාතික ඉතිකිරීමේ බැංකුවට පාඩු සිදුකළ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවට වැරදිකරු කරමින් ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් හිටපු ජාතික ඉතිරි කිරීමේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාට වසර 05 ක සිර දඬුවම් නියම කරන ලදි. එය වසර 05 කට අත්හිටවූ අතර ඊට අමතරව රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද නියම කර ඇත.

ප්‍රදීප් කාරියවසම් මහතා හිටපු අගවින්සුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *