ඇපල් ගනුදෙනුවක් නිසා පිටකොටුවේ සිදු වූ මරණය

(කොළඹ, ලංකාපුවත්) – පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පල ඉදිරිපිට ඕල්කට් මාවතේ පදික වේදිකාවේ පලතුරු කඩයක වෙළදාමේ යෙදී සිටි පුද්ගලයෙකුට ඒ ආසන්න තවත් පළතුරු කඩයක පුද්ගලයෙකු විසින් බෝතලයක් කඩා ඇනීම හේතුවෙන් ඔහු මිය ගොස් ඇත.

අදාළ තුවාලකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් තිබේ.

අද(26) අළුයම් කාලයේ දී මෙම සිද්ධිය ඇතිව තිබෙන බව පොලිසිය පවසයි.

මෙහිදී මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ දිඹුල වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු කොටහේන ප්‍රදේශයේ පදිංචි අයෙකි. සැකකරු මේවන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

සැකකරු, මරණකරුගෙන් මුදල් ලබාදෙන බව පවසා ඇපල් ලබා ගෙන එම මුදල් සැකකරුගෙන් ඉල්ලීමේ දී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමේ දී මෙම ඝාතනය සිදු වී ඇති බවට කරුණු අනාවරණය වේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පිටකොටුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *