එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක එංගලන්ත කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (26) යි.

තරගයේ තෙවැනි දිනයට ඊයේ (25) තරගය අත්හිටුවන විට ලකුණූ 327 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවි ලකුණු 53 ක් රැස් කරගෙන සිටියේය.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජයග්‍රහණය සඳහා තවත් කඩුළු 06 ක් අතැතිව ලකුණූ 274 ක් ලබා ගත යුතුය.

දිනය අවසාන වන විට නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි කුසල් මෙන්ඩිස් ලකුණූ 15 ක් හා ලක්ෂාන් සඳකැන් ලකුණූ 01 ක් ලබා සිටියේය.

තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස පෙරමුණ ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *