මාතර සිසු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – මාතර ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) භාරවී ඇත.

ඒ අනුව සැකකරු ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් තුන්දෙනා සම්බන්ධයෙන් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එසේම අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය මාතර වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

එසේම මෙම ඝාතනය සදහා පැමිණි තවත් සැකකරුවෙක් වන වයස අවුරුදු 17ක් වන අයෙක් ද මාතර පොලිස් අධිකාරී කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

මාතර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *