වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) – හෙට (27) පෙරවරු 8.30 සිට රාත්‍රී 11.30 දක්වා පැය 15 ක කාලයක් වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලි බලය අත්හිටුවීමට නියමිත බැවින් මෙලෙස ජල කප්පාදුවක් සිදු කරනු ඇත.

ඒ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය , කළුතර දකුණ ,කළුතර උතුර , කටුකුරුන්ද ,නාගොඩ ,පයාගල ,පිලමිවාවත්ත , බෝම්බුවල, මග්ගොන ,බේරුවල ,කලුවාමෝදර ,මොරගල්ල , අලුත්ගම ,දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *