කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දේශීය ආහාර ප්‍රදර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව දේශීය ආහාර ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජාතික ආහාර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම ආහාර ප්‍රදර්ශනය දෙසැම්බර් 07 දින සිට 11 දින දක්වා කොළඹ නෙළුම් පොකුණ රඟහල අසළ පිහිටි ග්‍රීන් පාත් ප්‍රදේශයේදී පැවැත්වීමට පියවර ගෙන ඇත.

මෙම ප්‍රදර්ශනය 07 වනදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් විවෘත කිරීමට කටයුතු යොදා ඇති අතර දේශීය ආහාරපාන මෙන්ම එළවළු සහ පලතුරු අලෙවි කිරීමේ ප්‍රදර්ශනකුටි රැසකින් සමන්විත වේ. ආරක්ෂක අංශ නියෝජනය කරමින් ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් සකස් කරන ලද ආහාරපාන මෙන්ම ඔවුන්ගේ වගාවන් ආශ්‍රිතව නිපදවන ලද එළවළු පලතුරු මෙන්ම මසුන් අලෙවි කිරීමටද කටයුතු යොදා ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පැවැත්වෙන 2018 ජාතික ආහාර ප්‍රදර්ශනය තුළ තිරිඟු පිටිවලින් සකස් කරන ලද කිසිදු ආහාර වර්ගයක් අලෙවි නොකරන අතර කෘත්‍රිම ආහාරපාන සැකසීම හෝ අලෙවි කිරීම නොකරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 3 =