මාතර සිසුවා ඝාතනයේ 03 වැනි සැකකරුත් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ දී උසස් පෙළ හදාරන පාසල් සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි පාසල් සැකකරුද අද (27) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අද උදෑසන 6.20ට පමණ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර නගරයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 17ක් වන මෙම සැකකරු ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නැමැති වල්ගම, මාතර පදිංචි අයෙකි.

මෙම සැකකරු ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ අය බවට අනාවරණය වී ඇති අතර සැකකරුව අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවන සැකකරු ඊයේ (26) දහවල් මාතර පොලිස් අධිකාරී කාර්යාලයට භාර වී තිබුණි.

ඒ ප්‍රධාන සැකකරුද ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *