සාපෙළ අපේක්‍ෂකයින්ට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට සඳහා පාසල් අයදුම්කරුවන් 422,850ක් ද, පෞද්ගලික අයදුම්කරුවන් 233,791ක් ද වශයෙන් අයදුම්කරුවෝ 656,641ක් පෙනී සිටිති.

විභාගව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661ක දී දෙසැම්බර් 03වනදා සිට 12වනදා තෙක් පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත් මේ වනවිට තැපැල් කර යවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

එසේ නොලැබුණු යම් අපේක්‍ෂකයෙක් වෙතොත් ජාතික හැදුනුම්පත් අංකය භාවිත කර විභාග ප්‍රවේශපත්‍රයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් (www.doenets.lk) News headlines යටතේ බාගත කර ගත හැකි බව ද දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + two =