අධිසුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට

(කොළඹ, ලංකාපුවත්) – මෙයින්ෂිෆ් -3 (MV. MEIN SCHIFF 3) අධිසුඛෝපභෝගී මගී නෞකාව පසුගිය 26 වැනිදා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත සේන්දු විය. මගීන් 2,430ක් හා 995 ක කාර්ය මණ්ඩලයක් සමගින් කොළඹ වරාය වෙත සිදුකරන ලද ප්‍රථම ආගමනයයි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රීලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා හා නෞකාවේ කපිතාන් ඇල්වෙරෝපවුලෝස් ජෝර්ජ් (Alevropoulos George)යන මහත්වරුන් අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.

නෞකාව ජර්මනියේ TUI Cruises නෞකා ජලායට අයත්වන මගී නෞකාවකි. මෙම නෞකාවේ උපරිම දිග මීටර් 295ක් වන අතර, උපරිම පළලමීටර් 36කි. කාමර 1250ක් සහිත නෞකාවේ සම්පූර්ණ කාර්ය මණ්ඩලය 1000කි. රැගෙන යා හැකි මගීන් සංඛ්‍යාව 2,500කි.

පසුගිය මැයි මාසයේදී යුරෝපයෙන් දියත්වූ නෞකාව යුරෝපයේ වරායයන් අතර සංචාරයකින් පසුව සුවස් ඇල පසුකරමින් එක්සත් ආරාබි එමීර් රාජ්යය(UAE)වෙත පැමිණි අතර, ඉන්පසුව දකුණු ආසියානු සංචාරය ආරම්භ කෙරිණි. ඉන්දියාවේ මුම්බායි වරායේ සිට කොළඹ වරායට පැමිණි නෞකාවේ එළැඹෙන ගමනාන්තය තායිලන්යේ පුකට්(Phuket)වරායයි.

සමරුඵලක හුවමාරුවේදී සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ප්‍රකාශ කළේ ‘අද වන විට කොළඹ වරාය කාර්ය බහුල වරායයක් වී ඇති බවත්, මෙම වර්ෂයේ දී අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අනුව බහලු මෙහෙයුම්වලින් ලොව ඉහළම වර්ධන අනුපාතය අත්කරගත් වරාය කොළඹ වරාය බවයි. එමෙන්ම එළැඹෙන කාලපරිච්ඡේදයේදී මගී නෞකාවන් සඳහා වැඩිපහසුකම් සැලසීම වෙනුවෙන් නවීන අංගෝපාංගයන් සහිත මගීපර්යන්තයක් ඉදිකිරීමට සැලැසුම් කර ඇති බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + two =