ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරණයට එයි

(කොළඹ, ලංකාපුවත්) –ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා තමන් අද (28) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (27) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබු නමුත් ඔහු එහි පෙනි සිටියේ නොමැත.

ඊයේ (27) දිනයට යෙදී තිබූ මහවිරු දිනය නිසා උතුර – නැගෙනහිර ප්‍රදේශවල නිරීක්ෂණ කටයුතුවලට තමන් එක්ව සිටි බව හෙතෙම මෙ පිළිබඳව හේතු දක්වමීන් සඳහන් කළේය.

එසේම සැප්තැම්බර් 10 වනදා ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණද එදින නොපැමිණියේ මෙක්සිකෝවේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව යාම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *